පිටිපන කොත්තුවා අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහ එගොඩ නිමේෂ් රන්දික පෙරේරා, “පිටිපන කොත්තුවා” ලෙසද හැඳින්වෙන පුද්ගලයකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වී ඇත.

විදේශගතව සිටින පාතාල අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හඳයාගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ආමි අසංගට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය, ඔහු හෝමාගම පොලිස් බල ප්‍රදේශයේ තොග සහ සිල්ලර ලෙස අලෙවි කරන බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 17,830ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20,320ක් තිබී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

රජයෙන් දෙන 25000 දීමනාව ලැබුනේ නැද්ද? දැවැන්ත විරෝධතාවයක්

රජයෙන් දෙන 25000 දීමනාව ලැබුනේ නැද්ද? දැවැන්ත විරෝධතාවයක්

සැකකරු, පොලිස් වැටලීම් වැළැක්වීම සඳහා නිවසේ ආවරණය සඳහා CCTV කැමරා පද්ධති සවි කරමින්, නිලධාරීන් ඇතුළු වීම වැළැක්වීම සඳහා උස් දැල් ආවරණයක් සැකසීමත්, නිවස පරීක්ෂාව වැළැක්වීම සඳහා පුහුණු කර ඇති දරුණු ගණයේ සුනඛයන් යොදා ගැනීමත් සිදු කරමින් තිබුණා.

මෙම සැකකරුට එරෙහිව විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන ගණනාවකින් නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා තබා, වැඩිදුර විමර්ශන සඳහා භාරගෙන ඇත.

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න