අසීමිත නිදහස භාවිත කර අමාරුවේ වැටෙන්න එපා !
Covid 19
Sri lanka
Susi perera
By Sithumi
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරෙන අවස්ථාවක සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවගේ ජීවනෝපායනුත් රැකගැනීමට අවශ්‍ය නිසා බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසන්නීය.
ඇය පෙන්වා දෙන්නේ ලැබී තිබෙන නිදහස අසීමිත ලෙස භාවිත කරමින් වෛරසය ආසාදනය කරගැනීමෙන් වැළකී සිටීමේ වගකීම ජනතාව සතු බවය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය ඒ බව සඳහන් කළාය. "
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරෙන අවස්ථාවන මේ විදිහට ලිහිල් කිරීම සිද්ධ වෙන්නේ ජීවනෝපායනුත් රැකගන්න අවශ්‍ය නිසයි. නැතුව අසීමිත විදිහට නිදහස පාවිච්චි කරලා වැඩ කරන්න නෙමෙයි. ඒ නිදහස තවම අපිට නෑ. ඩෙල්ටා ප්‍රභේදයෙන් අපි රැකෙන්න ඕනේ. ආසාදනය නොවී තිබීම ජනතාවගේ අතේ තියෙන්නේ