අද සිට දුම්රිය ගමන්වාර 34 කට නව කාලසටහනක්..එම කාල සටහන මෙන්න..

Sri Lanka
By Aruna Oct 20, 2022 02:20 AM GMT
Aruna

Aruna

Report

මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය වල නව කාලසටහන අද සිට ක්‍රියාත්මකයි.

කාර්යාල දුම්රිය වල ගමන් ගන්නා මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එලෙස දුම්රිය කාලසටහන සංශෝධනය කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ පැවසුවේ.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ ඇතැම් ස්ථාන සදහා වේග සීමාවන් පැනවීමද ඊට තවත් එක් හේතුවක් වනවා.

මේ යටතේ දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වනු ඇති.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරුණු වේලාවට මිනිත්තු 5ත් 10 ත් අතර කාලයක් අඩුවෙන් කාර්යාල දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරියාවරයා පැවසුවේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක නව දුම්රිය කාලසටහන පහත පරිදි වනවා...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery