අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය සේවා නෑ - දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් නිවේදනයක්..!
train
Sri Lanka
Gamini Senewirathna
Sinhala and Tamil new year
By Sewvandhi
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම් වලට යාමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා.
දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් විශේෂ දුම්රිය දෙකක් පමණක් ධාවනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.
පෙර වසරවලදී අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය 40 ක් පමණ ධාවනයේ යෙදවූයේ විශ්‍රාමික නියාමකයන්ගේ සේවය ලබාගෙන බවත් විශ්‍රාමික නියමකයන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් සේවයට නොපැමිණෙන බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිකුත් කළ නිවේදනය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |