අද දුම්රියේ වැඩ ඇරිලා ගෙදර යනවනම් ටිකක් ප්‍රමාද වෙයි.. ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා..

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sithumi Oct 28, 2023 10:11 AM GMT
Sithumi

Sithumi

Report

මීරිගම හා අලව්ව දුම්රිය ස්ථාන අතර අද දින දහවල් 2.35 ට පමණ ගසක් කඩා වැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වන විට බාධා මතුව තිබෙනවා.

ගස කඩා වැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ , දුම්රිය මාර්ග දෙකම මේ වන විට අවහිරව තිබෙනවා , ඒ හේතුවෙන් කොළඹ කොටුව සිට ධාවනය වන දුම්රියන් මීරිගම දුම්රිය ස්ථානයේ දී හා නුවර ,බදුල්ල ,අනුරාධපුර වැනි ප්‍රදේශ වල සිට කොළඹ බලා ධාවනය වන දුම්රියයන් පොල්ගවෙල දුම්රිය ස්ථානයේ දී ප්‍රමාද විය හැකියි.

අලව්ව දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලය මේ වන විට අවහිරව ඇති මාර්ග දෙකෙන් එක් මාර්ගයක් ධාවනය සඳහා ලබා දීමට හැකි පරිදි අවහිරය ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් තිබෙනවා.

ReeCha