මුළු ගමක්ම කම්පා වෙයි! මාමා සී සාද්දී දරුවා ට්‍රැක්ටරයකට යට වෙයි

By Sithumi Nov 22, 2021 02:52 PM GMT
Sithumi

Sithumi

Report

වව්නියාව ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී අවුරුදු 5 ක් වයසැති කුඩා දරුවෙකු සී සාමීන් තිබූ ට්‍රැක්ටරයක නගුලට හසුවීමෙන් ඊයේ (21) දින මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පවසනවා.

මිය ගිය දරුවාගේ මාමා විසින් ට්‍රැක්ටරයෙන් ඉඩමේ වගාවක් සඳහා සී සාන අවස්ථාවේදී මිය ගිය දරුවා සමග තවත් දරුවෙකු අසල සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී එක වරම කුඩා දරුවෙකු ට්‍රැක්ටරය තුලට රිංගීමෙන් නගුලට හසුවී බරපතල තුවල ලබා ඇති අතර දරුවා එම අවස්ථාවේදිම වව්නියාව මහ රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දරුවා මිය ගොස් සිට ඇති බවටද රෝහල වෛද්‍යවරුන් පැවසූවා.

අනතුර සිදු වූ ස්ථානයට පැමිණි පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණවලදී හෙලි වී ඇත්තේ දරුවා යම් විටක ට්‍රැක්ටරයේ කැරකෙන නගුල බැලීමට එකවරම රිංගීමට ගත් උත්සහයකදී නගුලට හසුවී මෙලෙස මිය ගොස් ඇති බවට සැක පල කරන බවයි.   

අනතුරින් මිය ගොස් ඇත්තේ පාලමොට්ටෙයි ප්‍රදේශයේම පදිංචි 05 හැවිරිදි කේ.කදීසන් නැමති පිරිමි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now