ලංකාවේ ලස්සන බලන්න එන අය දැන් අඩුවෙලා
මාර්තු මාසය තුළ මෙරටට සංචාරකයන් 183,979 දෙනෙකු පැමිණ ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 19.8ක අඩුවීමක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී සංචාරක පැමිණීම 229,298ක් ලෙස වාර්තා වී තිබුණි.
එමෙන්ම, මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ද 277,000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවද අධිකාරිය සඳහන් කරයි.