විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබී ඇති ආදායම ගැන ඇමති විජිතගෙන් හෙළිදරව්වක්
මෙරට විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක් ඉපැයීමට හැකි වී තිබෙන බව බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කර තිබේ .
විදෙස් ප්‍රේෂණ හරහා ඩොලර් බිලියන 07කට අධික ආදායමක් හා සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3යි දශම 2ක ආදායමක් උපයා තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබයි.
මේ බව අමාත්‍යවරයා සදහන් කළේ අද (05) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වු බලපෑම සැලකිල්ලට ගනිමින් විදෙස් රටවලින්, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු පාර්ශ්ව මගින් මේ වන විට පරිත්‍යාග ලෙස රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් ලැබී තිබෙන බවද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.