පිරිමන්දාරු ගම්මානයම හඬවමින් සිඟිති දියණියක් අනාරක්ෂිත ළිඳකට බිලිවෙයි
ධර්මපුරම් පොලිස් වසමේ පිරිමන්දාරු ප්‍රදේශයේ දී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දැරියක් මියගොස් ඇත මෙලෙස මියගොස් ඇත්තේ පිරිමන්දාරු ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02 ක දැරියකි .
පොලිසිය සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙම දරුවා පදිංචි නිවසට යාබද නිවස ආසන්නයේ අනාරක්ෂිත ජලය පිරී තිබූ ළිඳකට වැටී සිටියදී ඉන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බවයි
මෘත දේහය ධර්ම පුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත තවද ධර්ම පුරම් පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබයි.
මධ්‍යම රාත්‍රියේ ලංකාවටම නිකුත් කළ රතු එළිය - කොළඹ තත්ත්වය උග්‍ර වෙද්දි මරණ සංඛ්‍යාව ඉහළට - රෝගීන් 47,530ක්
[PH3LNXD