චිත්‍ර කලාවේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ කලාකරු මොටාගෙදර වනිගරත්න ජීවිත සිනමාවට සමුදෙයි

Report

ශ්‍රී ලංකීය චිත්‍ර කලාවට ඉමහත් මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වූ මොටාගෙදර වනිගරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ එතුමා මියයන විට එතුමා 93 වන වියේ පසු විය

දශක ගණනාවක් පුරා තම නිර්මාණ හරහා ශ්‍රී ලාංකීය ජන සමාජයේ ආකල්ප සහ රසඥතාව ඔප්නැංවීමට එතුමා සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ.

   1956 ඔක්තෝබර් 03 සිට 05 දක්වා කොළඹ ජාතික කලාභවනේදී පැවැති “මගේ ලංකාව” නම් ඔහුගේ ප්‍රථම ඒකපුද්ගල සිතුවම් ප්‍රදර්ශනය, ඔහුගේ කලා ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් බවට පත්විය.

මොටාගෙදර වනිගරත්න මහතා කැන්වස් සිතුවම්වලට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ තොරණ් කලාව නව මානයකට ගෙන ගිය කලාකරුවෙකු ලෙසද සලකනු ලබයි

එමෙන්ම ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කරමින්, තම රේඛාමය හැකියාව ජනමාධ්‍ය ඔස්සේද එතුමා ප්‍රකට කරනු ලැබීය .