බැංකුවක් කොල්ල කයි - ආරක්ෂක නිලධාරීන්ව ගැට ගහලා රත්තරන් බඩු කොල්ල කාලා

Report

මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක සේප්පුවක් කඩා පුද්ගලයින් තිදෙනෙකු එහි තිබූ රන් ආභරණ තොගයක් රැගෙන පලාගොස් ඇත.

අද (23) අලුයම 1.00ට පමණ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇති මෙම පිරිස එහි සිටි ආරක්ෂක නිලධාරීන්ව බැඳ දමා බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයෙහි ජනේලයෙන් බැංකුව තුළට ඇතුළු වී තිබේ.

උසස් පෙල විභාගය කල් දමන්නැයි නඩු - දරුවන්ට ඉගෙනගන්න දවස් මදියි

උසස් පෙල විභාගය කල් දමන්නැයි නඩු - දරුවන්ට ඉගෙනගන්න දවස් මදියි

පසුව ඔවුන් එහි තිබූ සේප්පුව කඩා ඒ තුළ සුරක්ෂිතව තිබූ රන් ආභරණ සොරාගෙන මෙලෙස පලා ගොස් ඇති බව වාර්තා වේ.

අදාළ සැකකරුවන් තිදෙනා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.