කැලෑව මැද රහසිගතව පවත්වාගෙන ගිය ලක්ෂ 50ක ගංජා වගාවක් වටලයි - දෙදෙනෙකු සමඟ ගිනිඅවියක්ද පොලිස් භාරයට
By Malith Madushan
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අලුත්වෙල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ගංජා වගා කර තිබූ හේන් දෙකක් අනාවරණය කරගෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීමේදී එම හේන්වල වගා කර තිබූ ගංජා ගස් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පොලීසිය සඳහන් කළේය.
ගංජා වගාවට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් විසින් සොයාගත් සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.