අද මැච් එක නවතියි - නැවතත් තරඟ ආරම්භය ගැන විශේෂ දැනුම්දීමක්.සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTOS)
අද (10) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර පැවති තරගය නතර කළේ ය.
ඒ කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ය.
ඒ අනුව එය හෙට දින නැවත ක්‍රීඩා කිරීමට නියමිතයි.
අද පස්වරු 8.30ට තරගය ඕවර් 34ක තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබුණේ ය.
පසුව තරග විනිසුරුවන් ක්‍රීඩා පිටිය පරීක්ෂා කරන අවස්ථාවේ දී ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හමුවේ මෙම තීරණය ගෙන තිබෙනවා.
එමෙන්ම ක්‍රීඩා පිටියට දිගින් දිගටම ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටියේ තැනින් තැන වතුර රැදී ද තිබෙනු දකින්නට ලැබිණ.
ඒ අනුව මෙම ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියානු පකිස්ථානට පමණක් සීමා වුණ අතිරේක දිනයක් වෙන් කර ඇති බැවින් අද තරගය නතර වූ තැනින් හෙට පස්වරු 3.00 ට නැවත තරගය ආරම්භ වීමට නියමිතයි.
අද ක්‍රීඩා පිටියට පිවිසි ඉන්දියාව අද දවසේත් හෙට දවසේත් අනිද්දා ශ්‍රී ලංකාව සමගත් පිට පිට දින තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
අද තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වර්ෂාවට පෙර පන්දුවාර 24.1කදී කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තේ ය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා හයේ පහර 4ක්, හතරේ පහර 6ක් ඇතුළුව ලකුණු 56ක් සහ ශුබ්මන් ගිල් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 58ක් රැස් කළේ ය.
කෙසේ වෙතත්, තරගය අද වර්ෂාව හේතුවෙන් නවත්වන විට විරාත් කෝලි නොදැවී ලකුණු 8ක් ලබා සිටි අතර KL රාහුල් නොදැවී ලකුණු 17ක් ලබා සිටියේ ය.