රජයෙන් පිරිසකට වන්දි - ඒ සම්බන්ධයෙන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

Sri Lanka Government Of Sri Lanka Money
By krishani Sep 10, 2023 12:18 PM GMT
krishani

krishani

Report

වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් වී තිබෙනවා.

ඒ අනුව නියඟයෙන් මෙන්ම වර්ෂාවෙන් වගා හානි සිදු වූ ගොවි ජනතාවට නිසි වන්දියක් ලබා දෙන ලෙස තමන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ තංගල්ල නෙටොල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක වර්ෂාවෙන් හානියට පත් කුඹුරු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.

කෙසේ වෙතත්, ඒ අනුව එම නිලධාරීන් විසින් ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇත.


සුපිරි සිව්දෙනාගේ වටයේ ටිකට් මිල ගැන ගත් තීරණය.

සුපිරි සිව්දෙනාගේ වටයේ ටිකට් මිල ගැන ගත් තීරණය.


සියල්ලන් මවිතයට පත් කරමින්, සාගර පත්ලෙන් හමු වූ අදහාගත නොහැකි රන් බිත්තරය.. (VIDEO)

සියල්ලන් මවිතයට පත් කරමින්, සාගර පත්ලෙන් හමු වූ අදහාගත නොහැකි රන් බිත්තරය.. (VIDEO)


ReeCha