අගමැති අයින් කිරීමට ජනපති තීන්දු කරාද..? ජනමාධ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්..!
අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන ඇති බවට පළ වූ වාර්තා වරදවා වටහා ගැනීමක් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
ඔහු කියා සිටියේ පසුගිය දා කැබිනට් මණ්ඩලයේදී සිදුවූයේ ආණ්ඩුව වෙනස් කිරීම සඳහා පහසුම සහ සරලම ක්‍රමවේදය ලෙස අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුය යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟවීමක් පමණක් බවයි.
ඒ පිළිබද අවසන් තීන්දුව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව ද අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |