පාර්ලිමේන්තුවම බිය ගැන් වුණු අද දවසේ, ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට එහි දී සිදු වුණ දේ?..

Report

අද(17) පාර්ලිමේන්තුව තුළ දී ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පැහැරගත් බවට වාර්තා වේ.

ඒ අනුව ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන අයගේ දුරකථන එලෙස පැහැරගෙන ඇති බවට ඔවුන් චෝදනා කර සිටියි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මන්ත්‍රීවරුන් ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේ අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා සිය ජංගම දුරකථන මඟින් වාර්තාකරණයේ නියැලී සිටි බව වාර්තා වන අතර එම අවස්ථාවේදී සිය ජංගම දුරකථන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් විසින් පැහැරගත් බවට අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා පවසා තිබෙනවා.

එමෙන්ම චන්න ජයසුමන මන්ත්‍රීවරයා ද ඔවුන්ට බැන වැදුනු බව අදාළ සිදුවීමට මුහුණදුන් මාධ්‍යවේදීන් පැවසීය.

පසුව එම මාධ්‍යවේදීන් දෙදෙනා පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් ඇති අතර, මේ වනතෙක් දුරකථන ඔවුන් ට ලබාදී නොමැති බවද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join