අද තරගයේ ජය තීරණය වූ හැටි...

By Sithumi Oct 22, 2022 02:34 PM GMT
Sithumi

Sithumi

Report

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ අද (22) පැවැති ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදී පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්ත කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 112ක් රැස් කළේය. පන්දුවාර 19යි පන්දු 04 තුළ ඇෆ්ගනිස්තානයේ සියලුදෙනා දවාගැනීමට එංගලන්ත පන්දුයවන්නන් සමත්විය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 113කි. පන්දුවාර 18යි පන්දු 01ක් අවසානයේ ලකුණු 113ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත පිතිකරුවන්ට හැකිවිය.