වෙනත් වර්ණයකින් එන්න එපා මහනායක හිමිවරු තදින් කියයි

Kandy Sinhala news Temple of tooth
By Hashini Apr 21, 2025 03:00 AM GMT
Hashini

Hashini

Report

 ශ්‍රී දළදා මාළිගාවේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද දහවල් 12 ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

මහනායක හිමිවරුන් සැදැහැවතුන්ට දැනුම් දෙන්නේ, සුදු වතින් සැරසි, සැදැහැ සිතින් දළදා සමිඳුන් වැදපුදා ගැනීමට පැමිණෙන ලෙසයි.

 සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ග 3ක් වෙන් කොට තිබේ.

පළමු ප්‍රවේශ මාර්ගය වන්නේ ඩී.එස්.සේනානායක වීදිය දෙස සිට දළඳා මාලිගයේ මහමළුව තෙක් ස්ථාපනය කර ඇති මාර්ගයයි.

දෙවැනි ප්‍රවේශ මාර්ගය ස්ථාපනය කර ඇත්තේ, රතු බෝක්කුව දෙස සිට වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වායි.

තුන් වැනි ප්‍රවේශ මාර්ගය, රතුබෝක්කුව දෙස සිට වැව රවුමේ මාලිගාව පෙදෙසින් ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර තිබෙනවා.

මේ වනවිට ආසන්න වශයෙන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී දළදාව වන්දනාමාන කරගෙන තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට වසර 6ක් සපිරේ

පාස්කු ප්‍රහාරයට වසර 6ක් සපිරේ

මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙන සියලු බැතිමතුන් වෙනුවෙන් සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.

මෙම කණ්ඩායම පැය 24 පුරාම ක්‍රියාත්මක අතර මෙම කණ්ඩායම පත් කර ඇත්තේ පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සොයා බැලීමට බව මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල පවසනවා.

මේ සඳහා ස්වේච්ඡා කණ්ඩායම්ද එක්ව සිටිනවා.

දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට දලා පොලිස් පරීක්ෂණ ඇරඹේ

දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට දලා පොලිස් පරීක්ෂණ ඇරඹේ














ReeCha