දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට දලා පොලිස් පරීක්ෂණ ඇරඹේ
වසර දාසයකට පසු ශ්‍රී දළදා වහන්සේ සියැසින්සි දැක බලා ගැනීමේ සමාරම්භක අවස්ථාව පසුගියදා ආරම්භ විය.
එම අවස්ථාවේදී දළදා වන්දනාවේදී ලබාගත්, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීම සිදුවිය අතර ඒ පිළිබඳව පොලිස් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා සඳහන් කළේ, එම ඡායාරූපය ලබා ගත් කාලය නිර්ණය කිරීම සඳහා මූලික විමර්ශන ක්‍රියාත්මක බවයි.
අවශ්‍යතාව මත ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බව ද, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ශ්‍රී දළදා වන්දනාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඡායාරූප ගතකිරීම සහ වීඩියෝ කිරීම, සම්පූර්ණයෙන් තහනම් බව වැඩිදුරටත් සඳහන්.