කිතුනු බැතිමතුන් බැතියෙන් සමරන මහ සිකුරාදා දිනය අදයි

Report

අද (අප්‍රේල් 03) කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය සමරනු ලබයි.

ඒ අනුව අළු බදාදා දිනයෙන් ආරම්භ වූ දින 40ක චතාරික සමය පුරා යැදුම්, උපවාස සහ පුණ්‍ය ක්‍රියාවල නිරත වූ බැතිමතුන්, අද දිනයේ දේවස්ථානවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්ට සහ වත්පිළිවෙත්වලට එක්වීමට නියමිතය.

මේ ලග්න හිමියන්ට හදිසි ලොතැරැයි දිනුම් හා අත මිට පිරී ඉතිරී යන්න සල්ලි උනන දවසක්

මේ ලග්න හිමියන්ට හදිසි ලොතැරැයි දිනුම් හා අත මිට පිරී ඉතිරී යන්න සල්ලි උනන දවසක්

ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීම සහ උන්වහන්සේගේ මරණය සිහිකරමින් කතෝලික දේවස්ථානවල පැය තුනක විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙන අතර, බැතිමතුන් එදිනට නියමිත ආගමික වතාවත් ගෞරවයෙන් ඉටු කිරීමට කටයුතු කරයි.

මහ සිකුරාදා දිනට පසු එළඹෙන ඉරිදා දිනයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ බව සිහිපත් කරමින් පාස්කු ඉරිදා උත්සවය සැමරීම කිතුණු බැතිමතුන්ගේ ප්‍රධානතම විශ්වාසයයි.

අද තීරණාත්මක දවසක් මෙතෙක් පැවති කාලගුණයේ වෙනසක්

අද තීරණාත්මක දවසක් මෙතෙක් පැවති කාලගුණයේ වෙනසක්