තරුණ ත්‍රිරෝද රථ රියැදුරා මැරූ දෙදෙනෙක් වසරකට පසු මාට්ටු

Report

මීට වසර එකහමාරකට පමණ ඉහතදී 31 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කර, ඔහුගේ සිරුර හොරණ ප්‍රදේශයේ සුසාන භූමියක රහසිගතව වළ දැමූ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, කිරිබේරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටි සඳුන් උදාර අල්විස් නමැති පුද්ගලයෙකි.

සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම සාර්ථකව සඳ මතට ළං වේ

සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම සාර්ථකව සඳ මතට ළං වේ

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පුද්ගලයා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ මළ සිරුර හොරණ තිබ්බටුගොඩ සුසාන භූමියේ වළ දැමූ බවයි.

මෙම තොරතුරු හෙළිවීමත් සමඟ අදාළ සුසාන භූමිය පරීක්ෂා කිරීම සඳහා මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක් - සිදුවන අයුරු මෙන්න

පවතින තත්ත්වය හමුවේ කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක් - සිදුවන අයුරු මෙන්න

ඉදිරියේදී අධිකරණ නියෝග මත එම ස්ථානය කැණීම් කර මළ සිරුරේ කොටස් ගොඩගැනීමට සහ වැඩිදුර විමර්ශන සිදු කිරීමට පොලිසිය බලාපොරොත්තු වේ.