කෝටි 25ක කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළේදී මාට්ටු
රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සූක්ෂම ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සැකකරු ඊයේ දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 4ක තිබූ සයිලන්සර් 16ක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 500ක් බව රේගුව සඳහන් කරයි.
විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් සඳහා වෙන් කර ඇති "රක්ත මාවත" (Red Channel) ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු පරීක්ෂාවෙන් බැහැරව පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් සැකකරු සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් රේගු බලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.