තරඟයේ ජය නවසීලන්තයට.. (UPDATE)
Update :-
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 157ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගත්තේ ය.
එහිදී Will Young නොදැවී ලකුණු 86ක් සහ Henry Nicholls නොදැවී ලකුණු 44ක් ලබා ගත් අතර 2 – 0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ ජය හිමිකර ගත්තේ ය.
මෙම තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණ.
-------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකා ඉනිම 157න් නවතී..
නවසීලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස් කළේ ය.
පැතුම් නිස්සංක ලකුණු 57ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දිව යන විට දැවී ගිය අතර නායක දසුන් ශානක ලකුණු 31ක් රැස් කළේ ය.
චාමික කරුණාරත්න ලකුණු 24ක් රැස් කළ අතර Matt Henry,Henry Shipley සහ Daryl Mitchell නවසීලන්තය වෙනුවෙන් කඩුළු 3 බැගින් දවාගැනීමට සමත්විය.
----------------------------------------------------------------------------------------
කාසියේ වාසිය සිංහයින්ට..
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (31) පැවැත් වේ.
කාසියේ වාසිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තීරණය කළේ නවසීලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ය.
තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ හැමිල්ටන්හිදී ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
