ළඟදිම වාහන මිල වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

Economy of Sri Lanka vehicle imports sri lanka Import Sinhala news Breaking News
By Kaushi Jul 09, 2025 01:23 AM GMT
Kaushi

Kaushi

Report

වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවන්නේ මෙරට වාහන මිල ඉදිරියේදී යළි ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවටයි.

ඒ අනුව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා මේ තත්ත්වයට හේතුව ලෙස පවසන්නේ, මෙම වසරට වාහන ආනයනය කිරීමට වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක ප්‍රතිපාදනයෙන් විශාල කොටසක් දැනටමත් අවසන් වී තිබීමයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් වසර පුරාවටම වාහන ආනයනයට වෙන් කළ මුදලින් ඩොලර් මිලියන 800ක් වෙනුවෙන් දැනටමත් ණයවර ලිපි විවෘත කර ඇති බව ඔහු කියයි.

ඒ අනුව, වසරේ ඉතිරි කාලසීමාව වෙනුවෙන් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 200ක සාපේක්ෂව කුඩා මුදලක් පමණක් බව ද ඔහු පවසයි.

තවද වසර පහක පමණ කාලයක් තිබූ ආනයන සීමා ඉවත් කළ පසු මෙරටට වාහන ගෙන්වීම ඇරඹුණු බවත්, මේ වන විට ආනයනය කර ඇති මුළු වාහන සංඛ්‍යාව නව දහසකට ආසන්න බවත් කියයි.

එනිසා වාහන ආනයනය දැනටමත් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇති පසුබිමක, මෙම ඩොලර් ප්‍රතිපාදන කළමනාකරණය කරගැනීම පිළිබඳව රජය සමඟ සාකච්ඡා කිරීමට තම සංගමය සූදානම් බවද ප්‍රසාද් මානගේ මහතා ප්‍රකාශ කරයි.

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

එසේම ඔහු දක්වන්නේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රතිපාදනය නිසි පරිදි කළමනාකරණය වූයේ නම් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිව තිබූ බවයි.

මෙහිදී ඔහු චෝදනා කර ඇත්තේ මෙරට තුළම නිෂ්පාදනය කළ හැකි ඇතැම් දෑ සඳහා මෙන්ම, දේශීයව එකලස් කරන වාහන සඳහාද විදේශ විනිමය අනවශ්‍ය ලෙස පිටතට ගලා ගොස් ඇති බවටයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රජය බදු සහන ලබා දෙමින් දේශීයව වාහන එකලස් කිරීම දිරිගැන්වූවද, ඒ ඔස්සේ එක් වාහනයක් හෝ අපනයනය කිරීමට මේ වන තෙක් හැකි‍ වී නැති බවත්, ඇතැම් වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව වැනි කරුණු සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් ය.

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

එමෙන්ම ඉල්ලුම සහ සැපයුම උඩ වාහනයක මිල තීරණය වන හෙයින් ආනයනයට පවතින ඩොලර් ප්‍රමාණය සීමා වීම සැපයුම අඩාල කිරීමට සෘජුවම බලපානු ඇති බව ද පවසයි.

එනිසා ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ පවතින වාහනවල මිල ගණන් ඉහළ යාම නොවැළැක්විය හැකි බව ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් වැඩිදුරටත් ප්‍රසාද් මහතා පවසා ඇත්තේ මේ වන විට ඉතිරිව ඇති ඩොලර් මිලියන 200ට අමතරව තවත් ඩොලර් මිලියන 500ක පමණ මුදලක් වෙන් කරනවද නැද්ද යන අවසන් තීරණය රජය සතු බවයි.

මාසෙට රු 300 ක් ගෙවන්නම් කියලා මාලිමා සභාපති පෞද්ගලික වැඩවලට කැබ් එකක් ඉල්ලයි

මාසෙට රු 300 ක් ගෙවන්නම් කියලා මාලිමා සභාපති පෞද්ගලික වැඩවලට කැබ් එකක් ඉල්ලයි

ReeCha