දිවයින පුරා පිහිටි පාසල්වල සියලු සිසුන් ගැන ගත් අලුත්ම තීරණය..

Ministry of Education Bandula Gunawardane Sri Lanka Cabinet
By krishani Dec 13, 2022 05:55 AM GMT
krishani

krishani

Report

පාසල් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීමට උපකාරී වන අධ්‍යාපනික වැඩසටහනක් ලෙස සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන් සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ය.

ඒ අනුව 2023 ජනවාරි මස 4 වනදා සිට මාර්තු 24 දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන් අනතුරුව එම වැඩසටහන සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 7.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha