අද සහ හෙට රට පුරා කරන්න යන දේ මෙන්න..වැටුප් ගැටලුව දුරදිග යයි..

Colombo Government Employee Government Of Sri Lanka
By Aruna May 02, 2024 02:53 AM GMT
Aruna

Aruna

Report

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසනවා.

එම සංගමයේ සභාපති කේ.එල්.උදයසිරි මහතා පැවසුවේ, ඊට සමගාමීව අද දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බවයි.

වැටුප් ඉහළ නැංවීම ගැන දුක්බර ආරංචියක්..

වැටුප් ඉහළ නැංවීම ගැන දුක්බර ආරංචියක්..


මේ අතර වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද දහවල් 12.00 සිට අඛණ්ඩව වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය ප්‍රකාශ කරනවා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි, එහි මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා පැවසුවේ.