කොච්චර try කළත් නින්ද යන්නේ නැද්ද ?මෙන්න මේ දේවල් කරන්න.

By Sewvandhi Sep 20, 2021 01:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත් ගෙරදට එන්නේ රාත්‍රියට සුවදායී නින්දක් බලාපොරොත්තුවෙන් .ඒ දේ හරි හැටි ලැබෙන්නේ නැත්නම් පසුදාට කිසිම වැඩක් නිසි ලෙස කරන්න වෙන්නේ නෑ. නිසි ලෙස නින්ද නොයාම අද බොහෝ දෙනකුට තිබෙන බරපතළ ගැටලුවක්. ගොඩක් වෙලාවට අපේ නින්දට බාධා කරන ප්‍රධාන හේතුවක් අපේ මනස තුළ උඩු දුවන ප්‍රශ්න. සමහරු නින්දත් පැත්තකට දාලා ප්‍රශ්න ගැන කල්පනා කර කර ඉන්නවා.

නිදා නොගැනීම වගේම ඕනවට වඩා නිදාගැනීමත් සිරුරට අහිතකර බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. සුව නින්දක් නොලැබීම මතකය සහ ප්‍රතිශක්තිකරණය අඩු වීමට බලපානවා. හෘද රෝග, දියවැඩියාව, ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා, විෂාදය වැනි රෝග වැළඳීමටත් අඩු නින්ද හේතුවක් වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව වැඩුණු මිනිසෙක් දිනකට පැය 6 – 8 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන් නිදාගත යුතුයි. සුව නින්දක් ලබාගන්නේ කොහොමද ?

කොච්චර try කළත් නින්ද යන්නේ නැද්ද ?මෙන්න මේ දේවල් කරන්න. | Tips For A Good Night Sleep

හොඳ නින්දක් ලබා ගන්න කළ යුතු දේවල්
  • නින්දට පෙර උණුසුම් ජලය ස්නානය කිරීම හෝ ඇඟ සේදීම
  • මෘදු සංගීතයට සවන් දෙන්න
  • නින්දට පෙර සෙමින් ශරීරය ඇදෙන සේ ව්‍යායාම (Stretching) කිහිපයක් කරන්න
  • මනස සන්සුන් කරන විනෝදාංශයක් කරන්න
  • නින්දට පෙර ඔබ කැමතිම පොතක කොටසක් කියවන්න
  • හොඳින් ආශ්වාස, ප්‍රශ්වාස කරමින් ශ්වසන ව්‍යායාම (Breathing Exercise) වල නිරත වෙන්න
  • ඇස් පියාගෙන මනස සන්සුන් කරගන්න
  • විනාඩි කිහිපයක් භාවනා කරන්න

කොච්චර try කළත් නින්ද යන්නේ නැද්ද ?මෙන්න මේ දේවල් කරන්න. | Tips For A Good Night Sleep

නොකළ යුතු දේවල්
  • මත්පැන් භාවිතයෙන් වලකින්න
  • දුම්පානය කිරීමෙන් වලකින්න
  • රාත්‍රියට බර ආහාරයක් ගැනීමෙන් වලකින්න
  • කැෆේන් අඩංගු තේ, කෝපි, චොකොලට්, සහ කෝලා බීම වැනි ආහාර භාවිතා කිරීම
  • කුසගින්න නින්දට බාධා කරන නිසා කෑම වේල් මගහැරීම ද නොකළ යුතු දෙයක්
  • සුරතල් සතුන් ඔබගේ නිදන කාමරයේ තබාගන්න එපා
  • ඒ වගේම නින්දට යනවිට නිදන කාමරයේ ඇති ඔරලෝසුව දෙස බලන්න එපා

දවල්ට හොඳින් ව්‍යායාම කරන්න පුරුදු වුණ අයට රාත්‍රියට හොඳින් නින්ද යන බව වෛද්‍යවරු කියනවා. මේකට පැය ගණන් ව්‍යායාම කරන්න අවශ්‍ය නෑ. දවසට විනාඩි 10ක් ඇවිද්දත්, එය ඔබට රෑට හොඳින් නින්ද යන්න හේතුවක් වෙනවා. ඒත් ව්‍යායාම සහ නින්ද අතර අන්‍යොන්‍ය සම්බන්ධය හැදෙන්න නම් මාස කීපයක් තිස්සේ දිනපතා ව්‍යායාම කිරීමේ පුරුද්ද පවත්වා ගත යුතුයි.ශාරීරික ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ගැඹුරු නින්දකට අවතීර්ණ වෙන ප්‍රවණතාව වැඩියි. ඉතින් මෙන්න මේ වගේ ක්‍රම කිහිපයක් අත්හදා බැලිම තුලින් ඔයාටත් සුවපහසු නින්දක් ලබා ගන්න පුළුවන්.

  කොච්චර try කළත් නින්ද යන්නේ නැද්ද ?මෙන්න මේ දේවල් කරන්න. | Tips For A Good Night Sleep


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now