ටින් අංක සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

Report

අද (01) සිට දේශීය ආදායම් පනතේ නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදුකිරීමේදි වලංගු ටින් අංක සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් එම දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදු කරන විට සහ ණය කාඩ්පතක් ලබා ගැනීම යන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර, අදාළ තැනැත්තා විසින් වලංගු ටින් සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තමන් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛය ප්‍රකාරව තහවුරු කර ගන්නා ලෙසට නියම කර ඇති බවයි.

රට පුරා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා - හෙට සිට ක්‍රියාත්මක වන විශේෂ නීතිය මෙන්න

රට පුරා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා - හෙට සිට ක්‍රියාත්මක වන විශේෂ නීතිය මෙන්න

එසේ නිශ්චිතව දක්වා ඇති යම් කාර්යයක නිරත වීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තකුම දැනටමත් ටින් අංකයක් ලබා ගෙන නොමැති නම්, එම අංකය වහාම ලබා ගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව ඔස්සේ ඉල්ලුම් කරන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී ඇත.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්