ආදරෙන් ඇති දැඩි කළ කොටියාම පවුලේ අය ඉදිරියේ ස්වාමියාගේ ඇඟට පැනලා මරලා

Report

අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි සත්ත්ව සංරක්ෂණ උද්‍යානයක පැවති ප්‍රසංගයක් අතරතුර කොටියෙකු තම පුහුණුකරුට පහරදී මරා දැමීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කොටියාගේ ප්‍රහාරයට ලක්වූ 37 හැවිරිදි රයන් ඊස්ලි එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉකුත් සෙනසුරාදා දින ටෙක්සාස් දේශසීමාව අසල ගිනිකොනදිග ඔක්ලහෝමා හි හියුගෝ හි ග්‍රෝලර් පයින්ස් ටයිගර් රක්ෂිතයේදී සවස 2ට පමණ මෙය බියකරු සිදුවීම සිදුව ඇති බව සඳහන්. ඒ ඊස්ලි සහ කොටියා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් රංගනයක් ඉදිරිපත් කරමින් සිටියදීයි.

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

මෙසේ සපා කෑ කොටියා කුඩා කාලයේ සිටම ඊස්ලි විසින් ඇති දැඩි කර තිබෙන අතර, කොටියා ඊස්ලිගේ බෙල්ල සහ උරහිස කපා කන මොහොතේ එම ස්ථානයේ ඊස්ලිගේ බිරිඳ සහ කුඩා දියණිය ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක් බලා සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම අනතුර සිදුවීමෙන් පසුව ඊස්ලිගේ බිරිඳ දිවගොස් කොටියාව වෙනත් කූඩුවකට ඉවත් කළ බව ද වාර්තා වෙනවා.

මේ අතර මරණ පරීක්ෂණය වෙනුවෙන් ඊස්ලිගේ දේහය ඔක්ලහෝමා හි ටුල්සා හි පිහිටි රාජ්‍ය වෛද්‍ය පරීක්ෂක කාර්යාලයට ගෙන ගොස් ඇත.

සල්ලි දුන් නෑ කියලා මන්ත්‍රීට යකා නැගලා, හිමි නමකටයි තරුණයෙකුටයි පහර දීලා

සල්ලි දුන් නෑ කියලා මන්ත්‍රීට යකා නැගලා, හිමි නමකටයි තරුණයෙකුටයි පහර දීලා

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ