සල්ලි දුන් නෑ කියලා මන්ත්රීට යකා නැගලා, හිමි නමකටයි තරුණයෙකුටයි පහර දීලා
දේපළ සම්බන්ධ ගැටුමක් මුල් කරගනිමින්, තංගල්ල ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු විසින් හිමි නමකට සහ තරුණයෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ඒ පිළිබඳව තංගල්ල මූලස්ථාන පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ තංගල්ල ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් සහ අම්බලන්තොට, රුහුණු රිදියගම ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.
වාර්තා වූ ආකාරයට ඉකුත් 3 වන දින මෙම විහාරස්ථානයේ පැවති පෙරහැරක් වෙනුවෙන් සහභාගී වූ නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීම පැහැර හැරීම මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
ඒ අනුව අඳාළ පහරදීම සිදුකළ බවට සැක කරන පුද්ගලයා මෙම උත්සවයේ ප්රධාන සංවිධායක සේම ඔහු තංගල්ල ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් ද වන බව පවසයි. කෙසේ වෙතත් පහරදීමට ලක්වූ හිමි නම මේ වන විට තංගල්ල මූලික රෝහලේ අංක 8 වාට්ටුවේ ප්රතිකාර ලබන බව සඳහන්.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන මන්ත්රීවරයාද එම රෝහලේම ප්රතිකාර ලබන බව වාර්තා වේ.