අම්මෝ මෙන්න රෝගීන් 38කට අතවර කරපු එංගලන්තයේ වෛද්‍යවරයෙක්ට හොදටම වැඩ වැරදිලා
By Kanchana
ප්‍රධාන රෝහල්වල සේවය කරමින් සිටියදී රෝගීන් 38දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එංගලන්තයේ වෛද්‍යවරයෙකුට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව 38 හැවිරිදි නතානියෙල් ස්පෙන්සර් නම් අදාළ වෛද්‍යවරයාට ලිංගික අතවර චෝදනා 15ක්, පහරදීමේ චෝදනා 17ක් සහ වයස අවුරුදු 13ට අඩු දරුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා නවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
තවද 2017 සහ 2021 අතර කාලය තුළ රාජකීය ස්ටෝක් විශ්වවිද්‍යාල රෝහලේ සහ තවත් රෝහලක රෝගීන් 38 දෙනෙකු මෙහි වින්දිතයින් ලෙස හදුනගන තිබේ.
ඒ අනුව මෙම චෝදනා සම්බන්ධයෙන් ලබන වසරේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ වගේම මෙම විමර්ශනයේ ප්‍රතිඵලය ලැබෙන තෙක් ඔහුගේ වෛද්‍ය සේවයෙන් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කර තිබේ.