කොරෝනා මෘතදේහවලට Zoom ඔස්සේ පාංශකූලය....?

covid19 zoom earth ware ritual budugala jinavansha thero passaramulle dhayavansha thero
By Sewvandhi Aug 19, 2021 12:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. කොවිඩ් මරණ සදහා පංශු කුල දෙන්න අපි සුදානම් කොවිඩ් 19 මරණ දිනෙන් දින වැඩි වෙමින් ඇත.බෞද්ධ ජනතාව තම මිය ගිය ඥාතියට පාංශු කූලයකවත් ලබා දීමට නොහැකිව විශාල ලෙස අපහසුතායට පත් වී ඇත.

එබැවින් Zoom තාක්ෂණය ඔස්සේ හෝ එළිමහන් ස්ථානයක පාංශු කුල කටයුතු කිරිමට අප සුදානම්ය. ඒ සදහා කිසිම ප්‍රත්‍ය පහසුකමක් අප බලාපොරොත්තු නොවෙමු. විශේෂයෙන් පාංශු කුල ලබාදිමට තම මිය ගිය ඥාතියාගේ දේහය අවශ්‍ය නැත.

එම නිසා අපට හුදකලා ප්‍රදේශයක සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පාංශු කුල කටයුතු සිදු කළ හැකිය. තවද සත්දින (7) මතක ධර්ම දේශනය ද Zoom තාක්ෂණය හරහා සිදු කළ හැකිය.

එබැවින් අප සංවිධානය මෙම සංවේදි අවස්ථාවේ දි ඔබගේ දුක සංවේගය තුනි කිරිමට අප මැදිහත් විමට බලාපොරොත්තු වෙමු.

ඒ සදහා පහත සදහන් දුරකතන අංකයට සම්බන්ධ කරගන්න.

පුජ්‍ය බුදුගල ජිනවංස හිමි 0718124505

පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි 0718012049

WhatsApp No. 0773071950 (පුජ්‍ය බුදුගල ජිනවංස හිමි)

තෙරුවන් සරණයි ස

සුන්ලැදි බුදුගල ජිනවංස හිමි

සභාපති

මීට පෙර,පෙරේදා දින (17) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 170 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6,604දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ අතර,මෙරට කොවිඩ් වසංගතය නිසා මියගිය පිරිස අතරින් වැඩිම පිරිස දිළිඳු පුරවැසියන් බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පෙන්වා දෙනවා.

ප්‍රභූන්ට ප්‍රතිකාර ගැනීම සඳහා ඇඳන් සහිත ආරක්‍ෂිත මධ්‍යස්ථාන ඇති බවයි ඔහු පවසන්නේ. ඒ අනුව නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමට නොහැකිව, නිවසේ රැඳී සිටීම දිළිඳු පවුල් සඳහා ඇති එකම විකල්පය වන බැවින් කොවිඩ් වලින් මරණයට පත්වන්නේ ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්නන් නොව අසරණ පුද්ගලයන් බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

අද දින(18) නිකුත් කළ කොරෝනා ආසාදිත මරණ නිවේදනය පහතින්.......


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery