ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරිම ගැන ත්‍රීරෝද රථ සංගම් කියන දේ..

Sri Lanka
By krishani Oct 16, 2022 02:31 AM GMT
krishani

krishani

Report

ත්‍රීරෝද රථ සඳහා දැනට සතියකට ලබාදෙන ලීටර් පහක ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගතහොත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට සූදානම් බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

පසුගියදා පෙට්‍රල් මිල රුපියල් 40 කින් පහත දැමීමට පියවර ගැනුණ ද ත්‍රීරෝද රථ වෘත්තීය සංගම් සිය ගාස්තු පහත දැමීමට පියවර ගෙන නොමැත.

ත්‍රිරෝද රථ සඳහා දැනට පවතින කෝටාව ලබන සතියේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha