අධික වේගයෙන් ධාවනය කළ ත්‍රීරෝද රථයක් පෙරළුණු හැටි
By Sithumi
නුවරඑළිය - හැටන් මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා පෙරළී යෑමෙන් එහි ගමන් ගත් එක අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ එම පුද්ගලයා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බවය.
අද (20) උදෑසන 6.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදීය. අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |