අකුණු සැර වැදී අයියයි නංගියි මරුට..ගසක් මුල සිටි තවත් අයෙක් මරුට..

TN Weather Death Weather
By Aruna Apr 30, 2024 03:04 AM GMT
Aruna

Aruna

Report

මාතලේ - රත්තොට - වැල්ගාලයාය ප්‍රදේශයේ දී අකුණු සැර වැදී එකම පවුලේ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරිය මියගොස් තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (29) පස්වරුවේ සිය නිවසේ රැදී සිටින අවස්ථාවේදී මොවුන්ට මෙලෙස අකුරු සැර වැදී ඇති අතර සිද්ධියෙන් මියගිය සහෝදරයාගේ වයස අවුරුදු 23ක් බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් මිය ගිය සහෝදරිය 12 හැවිරිදි වියේ පසුවනවා.

එමෙන්ම මුලතිව් - අයියන්කුලම ප්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ අකුණු සැර වැදී තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවද වාර්තා වෙයි.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වර්ෂාවත් සමග ගසක් පාමුල සිටියදි මොවුන්මෙලෙස අකුණු සැර වැදී ඇති බවයි.

සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 49ක්.