අවාසනාවන්ත ලෙස තිදෙනෙක්ට දිවි අහිමි කළ ගුවන් අනතුර.
Pakistan
Accident
Death
By krishani
අද (04) පාකිස්තානයේ Balochistan පළාතේ ගුවන් අනතුරක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම අනතුරින් ඉහළ නාවික නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙම අනතුර සිදුවී ඇත්තේ සාමාන්‍ය පුහුණු ක්‍රියාකාරකම් සිදු කරමින් සිටිය දී බව වාර්තා වේ.
මූලික විමර්ශනවල දී හෙළි වී තිබෙන්නේ ඔවුන් ගමන් කළ ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුර සම්බන්ධයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය දැඩි කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, පසුගිය සැප්තැම්බරයේ සිදු වූ තවත් හමුදා ගුවන් අනතුරක දී එම පළාතේ උසස් හමුදා නිලධාරීන් 6 දෙනෙකු මිය ගියේ ය.
