පවුලකට බදු හාර ලක්ෂ අසූදාහක් - ජනතාවට ඇඟලුම් නොවෙන බරක්

Report

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව, 2024 වසරේදී සිව් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලකට වක්‍ර බදු වශයෙන් රුපියල් 176,841ක අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි තහවුරු වී ඇත.

2023 වසරේදී මෙවැනි පවුලකට වක්‍ර බදු ලෙස රුපියල් 303,860ක් ගෙවීමට සිදුවූ අතර, 2024 වසරේදී මෙම මුදල රුපියල් 480,701 දක්වා ඉහළ යනු ඇතැයි ගණනය කර ඇත.

මාසිකව සලකා බැලුවහොත්, 2023දී පවුලකට සාමාන්‍යයෙන් රුපියල් 25,321ක වක්‍ර බදු ගෙවීමට සිදුව තිබුණි. එහෙත්, 2024 වසර වන විට මෙම මාසික බදු මුදල රුපියල් 40,058 දක්වා ඉහළ යනු ඇත. ඒ අනුව, 2024දී පවුලකට මාසිකව රුපියල් 14,737ක අමතර බදු බරක් දැරීමට සිදුවේ.

"අපිව අත අරින්න එපා, ආදරය දෙන්න" – විපක්ෂ නායකට දුක හිතයි

"අපිව අත අරින්න එපා, ආදරය දෙන්න" – විපක්ෂ නායකට දුක හිතයි

2024 වසරේදී රාජ්‍ය සේවකයන්ට රජය විසින් රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන්නද, බදු අඩු කිරීමෙන් පසු අතට ලැබෙන ශුද්ධ මුදල රුපියල් 6,400 කි. කෙසේ වෙතත්, සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසිකව රුපියල් 14,737 ක් වැඩිපුර බදු ගෙවීමට සිදුවන බැවින්, මෙම දීමනාවෙන් ලැබෙන වාසිය අඩු වී පවුලකට මාසිකව රුපියල් 8,337 ක් අතින් දැරීමට සිදුවන බව පෙනී යයි.

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

හෙළයේ ගීත කෝකිලාවිය නන්දා මාලනියට තෙරුවන් සරණයි..!

හෙළයේ ගීත කෝකිලාවිය නන්දා මාලනියට තෙරුවන් සරණයි..!