මිද්දෙනියේ වෙඩි තැබීමෙන් මරණ තුනයි. - පුතාත් ජීවිතක්ෂයට. -වැඩිමහල් දරුවා කෑම කඩේ අසල නවතා කුඩා දරු දෙදෙනා සමඟ පිය ගිය අවසන් ගමන.

Sri Lanka Police Gun Shooting Murder
By Wayomi Feb 20, 2025 07:27 AM GMT
Wayomi

Wayomi

Report

පෙරේදා(18) රාත්‍රියේ මිද්දෙනිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි 9 හැවිරිදි පිරිමි දරුවාද ඊයේ ගාල්ල ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් 'කජ්ජා' යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා සහ ඔහුගේ 08 හැවිරිදි දියණිය පෙරේදා දිනයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, ඔහු තම දරුවන් තිදෙනාද සමග යතුරු පැදියෙන් රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකට ගිය අවස්ථාවකදීයි.

රාත්‍රි ආහාරය සූදානම් කරන තුරු ඔහු සිය වැඩිමහල් දරුවා එම ස්ථානයේ නවතා අවුරුදු 6ක් වයසැති දියණිය සහ අවුරුදු 9ක් වයසැති පුතා සමඟ යතුරු පැදියෙන් වෙනත් වෙළෙඳ සැලකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සහ දරුවන් දෙදෙනා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එම වෙළෙඳසැලට ගොස් යළි එමින් සිටි අතරවාරයේදීයි.

වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය 9 කණුව අසළදි මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබුනා.

වෙඩි වැදීමෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා එම ස්ථානයේදීම මියගිය අතර අවුරුදු 6ක් වයසැති ඔහුගේ දියණිය ද මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූවා.

ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 9 හැවිරිදි පුත්‍රයාද ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කළ අතර, පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මරුකර යැවුණා.

එලෙස වෙඩි වැදීමෙන් මියගිය අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තාට කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් පවතින බවයි පොලිසිය පැවසුවේ.

ඔහුට වෙඩි වැදුණු ස්ථානයේ තිබී මාංචු කුට්ටම් දෙකක් ද සොයාගත් අතර, මීට පෙරද ඔහු මාංචු කුට්ටමක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම මියගිය අරුණ විදානගමගේ නමැත්තා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟම සමීපව සබඳකම් පැවැත්වූ අයෙක් ද වනවා.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය අල්ලා ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි. - සියලු තොරතුරු මෙන්න.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය අල්ලා ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි. - සියලු තොරතුරු මෙන්න.

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ හමුවෙයි.- එකක් පුපුරයි. - යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පරීක්ෂණ ආරම්භයි.

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ හමුවෙයි.- එකක් පුපුරයි. - යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පරීක්ෂණ ආරම්භයි.


You May Like This Video👇


 

ReeCha