අභියාචනාධිකරණයෙන් පත්වීම් ගැන අතුරු නියෝගයක්
අද (27) දින සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව වෛද්‍ය රසායනාගාර භෞත චිකිත්සක තනතුරු පිරිනැමීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම පෙත්සම නැවත එළඹෙන 11 වන දින කැඳවීමට නියමිතව ඇත.
එසේම එතෙක් මෙම පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා ලෙසත් අධිකරණය විසින් කළ නියෝගයේ සඳහන්.
ඒ අනුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් අඳාළ පත්වීම් පිරිනැමීම හේතුවෙන් අසාධාරණයට ලක්වන උපාධිධාරින් 270 දෙනෙක් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බලා අඳාළ නියෝගය නිකුත් කර ඇති බව පවසයි.
එසේම අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පෙත්සම්කාර පාර්ශ්වය සඳහා පෙනී සිටි නීතිඥ රජීව අමරසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව බව ද සඳහන්.
මෙම පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ විදේශීය හා පුද්ගලික විශ්වවිද්‍යාලවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මේ හරහා අවස්ථාව ලැබෙන බැවින් ඒ හරහා තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.
ඒ නිසා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ අදාළ පත්වීම් පිරිනැමීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
