පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ හමුවෙයි.- එකක් පුපුරයි. - යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පරීක්ෂණ ආරම්භයි.

Report

හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (19) නිවෙස් අවට එම දරුවන් සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ දී ඉන් එක් දරුවෙකුට මෙම ජීවඋණ්ඩ හමුවී ඇති අතර පසු එම දරුවා සිය මිතුරන් අතරේ එම ජීවඋණ්ඩ බෙදා දී ඇති බව පොලීසිය පවසනවා.

එක් දරුවෙක් තමන්ට ලැබුණු ජීව උණ්ඩය නිවසට ගිය පසු ලිපට දමා ඇති අතර එහිදී උණ්ඩය පුපුරා ගොස් තිබෙනවා.

අනතුරුව නිවෙස් හිමියන් ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී තිබෙනවා.

පසුව යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඉහත තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අනෙක් දරුවන්ගේ නිවාසද පරීක්ෂා කර බැලීමෙදී දරුවන් සතුව තිබී මෙම ජීවඋණ්ඩ සොයාගෙන ඇත.

පළමුවෙන්ම මෙම ජීවඋණ්ඩ හමු වූ දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ එම දරුවාට එම උණ්ඩ හමු වී ඇත්තේ ඔවුන්ගේ නිවෙස් අසලම පිහිටි තවත් නිවසක දර මඩුවක තිබියදී බවයි.

ඒ සම්බන්ධයෙන් හසලක පොලීසිය පරීක්ෂණ පවත්වයි.

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

නවතම iPhone 16e දැරිය හැකි මිලකට වෙළෙඳපොළට .- ඇනවුම් හෙට සිට භාර ගැනෙන්නේ මෙහෙමයි.

නවතම iPhone 16e දැරිය හැකි මිලකට වෙළෙඳපොළට .- ඇනවුම් හෙට සිට භාර ගැනෙන්නේ මෙහෙමයි.


You May Like This Video👇