අනුදි Live ඇවිත් රිදෙන්නම කියයි.. මේක අවුරුදු කුමාරි තරගයක් නෙමෙයිලු.. [VIDEO]

Report

මිස් වර්ල්ඩ් 2025 තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, ලංකාවේ පමණක් නොව, ලෝකය පුරා බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇත.

ඉකුත් 26 වැනිදා පැවති Head-to-Head Challenge ඉසව්වේදී ඇය ධම්මපදයේ වචන පේලියක් යොදාගනිමින් ශ්‍රී ලංකාවේ ගැටලු හා ජයග්‍රහණ පිළිබඳ ධනාත්මක හා බරපතල කතාවක් ඉදිරිපත් කරමින් සැමගේ හදවත් ආකර්ෂණය කළාය.

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන අතර, බොහෝ දෙනා පවසන්නේ මිස් ශ්‍රී ලංකා ජයග්‍රාහිකාවක් වෙනුවෙන් මෙවැනි උද්වේගකර උනන්දුවක් ඇතිවූ පළමු අවස්ථාව මෙය බවයි. එහෙත්, අනුදි තරමක් කනස්සල්ලෙන් පසුවන බව පවසයි. ඒ, ඇයට ලැබුණු විවේචනාත්මක Voice Note එකක් හේතුවෙනි.

එම Voice Note එක ගැන අදහස් දක්වමින් අනුදි මෙසේ පැවසුවාය;

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

“මට Voice Note එකකින් බැනලා තිබුණා, වේදිකාවේදී කතා කරද්දී හිනා නොවුණා කියලා. එයාගේ තර්කය තමයි, පළමු කතාවේදී මම හිනා වුණා නම්, දෙවන කතාවේදීත් හිනා වෙන්න තිබුණා කියලා. මම ධනාත්මක කතාවක් කළා, රට ගැන, රටේ ගැටලු තිබුණත් ඉදිරියට ආ ආකාරය ගැන. එහෙම ධනාත්මකව කතා කරද්දී ලංකාවේ සමාජ ගැටලු ගැන හිනාවෙලා කතා කරන්න බෑ. මම බරපතල දේවල් ගැන කතා කළා. ඒවා ගැන හිනාවෙලා කතා කරන්න බෑ. මේක අවුරුදු කුමාරි තරගයක් නෙවෙයි කියලා හැමෝම තේරුම් ගන්න ඕනේ.”

දෙයියනේ...අනුදි නිසා ඒ පාර රණ්ඩු වෙන්නත් පටන් අරන්

දෙයියනේ...අනුදි නිසා ඒ පාර රණ්ඩු වෙන්නත් පටන් අරන්

අනුදිගේ මෙම ධනාත්මක හා බරපතල ප්‍රකාශය ශ්‍රී ලංකාවේ සමාජ ගැටලු ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමට ඇය ගත් උත්සාහයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි.