හැරී පොටර් රසිකයන්ට අලුත් ආරංචියක් (PHOTO)

Report

ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රියත්වයට පත් Harry Potter පොත් මාලාවෙන් Harry Potter රූපවාහිනී කතාමාලාව නිපද වීමට යන බව වාර්තා වේ.

ඒ අනුව හැරී පෝටර්, හර්මයිනී ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා ශිල්පීන් තෝරාගෙන ඇති බව සඳහන්.

මෙසේ තෝරා ගත් ශිල්පීන් ලෙස හැරී පෝටර්ගේ චරිතය වෙනුවෙන් Dominic McLaughlin ද, හර්මයිනී ග්‍රේන්ජර්ගේ චරිතයට Arabella Stanton මෙන්ම රොන් වීස්ලිගේ චරිතයට Alastair Stout ද රංගනයෙන් දායක වීමට නියමිතයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

මෙම තෝරගැනීමට අඳාළ තිර පරීක්ෂණ සඳහා ළමා නළු නිළියන් 32,000 වැඩි පිරිසක් සහභාගී වී තිබෙනවා.

ඒ අතරින් මොවුන් තිදෙනා තෝරා ගැනීම විශේෂත්වයක් වේ.

එසේම අල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට John Lithgow, මිනර්වා මැක්ගොනගල්ගේ චරිතයට Janet McTeer, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ්ට Nick Frost ද තෝරා ගෙන ඇත.

කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

එහෙත් වොල්ඩර්මෝට් චරිතය සඳහා කතාමාලාවට රංගනයෙන් දායක වීමට සුදුසු නළුවෙකු මේ වන තෙක් තෝරාගෙන නැති බව වාර්තා වේ.

එසේම J.K. රොව්ලින්ග් ලියූ මෙම පොත් මාලාවේ මුල් පොත් 7ට අනුකූල වන අයුරින්, එක් පොතකට එක් කතාසමයක් ලෙස සැලසුම් කර ඇත.

ඒ අනුව එය වසර 10ක් පුරා දිවයන අයුරින් සැලසුම් වී තිබෙනවා. Mark Mylod කතා මාලාවේ අධ්‍යක්ෂකවරයා වේ.

පෙර චිත්‍රපට පරිදීම Waer Bros. Studios මඟින් මෙය ද නිශ්පාදනය කරනු ලබන බව සඳහන්.

මෙම ව්‍යාපෘති‍යේ විධායක නිෂ්පාදිකාව J.K. Rowling වන අතර 2027 වසරේ දී මෙහි පළමු කතා සමය නිකුත්වීමට නියමිතව තිබෙනවා.

මෙන්න සුභ ආරංචියක්...විසි දාහක් වෙනුවට පනස්දාහක් දෙනවලු

මෙන්න සුභ ආරංචියක්...විසි දාහක් වෙනුවට පනස්දාහක් දෙනවලු

හැරී පොටර් රසිකයන්ට අලුත් ආරංචියක් (PHOTO) | New News For Harry Potter Fans Movie