සමසෞඛ්‍ය පත්වීම් අත්හිටුවයි

Report

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් හෙට (28) දින පැවැත්වීමට නියමිතව තිබූ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පත්වීම් ලබාදීමේ පත්වීම් ප්‍රදානය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ මෙලෙසින්,

කොටුව පැත්තට යන අයට විශේෂ දැනුම් දීමක්

කොටුව පැත්තට යන අයට විශේෂ දැනුම් දීමක්

"මේ අසාධාරණයට පත් වුණු උපාධිධාරීන් අද දවසේ අභියාචනාධිකරණයට ගිහින් තිබුණා මේ අවනඩුව කියන්න. අභියාචනාධිකරණයට මේ කාරණාව පිළිබඳ සැලකිල්ලට අරගෙන හෙට දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට යන ඒ සීමාවාසික පුහුණු පත්වීම් සහ රාජ්‍ය සේවාවේ පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය සහ ඒ උත්සවය අත්හිටවන්නට කියලා නියෝග කරලා තියෙනවා."

අද (27) උදෑසන 8ට පමණ ‍පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණා.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

එම වැඩවර්ජනය සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය සහ උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් සිදු කළ බව වාර්තා වේ.

ඒ අනුව වර්ජනය නිසා බොහෝ රෝහල්වල රසායනාගාර සේවා සහ භෞත චිකිත්සක සේවා ක්‍රියාත්මක නොවුණු බව දැක ගත හැකි විය.

කෙසේ වෙතත් මෙම වර්ජනය පිළිකා රෝහල්, වකුගඩු රෝහල්, මාතෘ සහ ළමා රෝහල් සහ මධ්‍යම ලේ බැංකුවේ ක්‍රියාත්මක නොකරන බවට පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසා ඇත.

එහෙත් මෙම වර්ජනය නිසා සුපුරුදු ලෙස රෝහල් වෙත පැමිණි රෝගීන් දුෂ්කරතාවට පත්වීම දැකගත හැකි විය.

අනුදිගේ හඬට හරිනිත් පණ දෙයි

අනුදිගේ හඬට හරිනිත් පණ දෙයි