මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහි විරෝධතාවක්

Latest Headlines Sinhala news gagana news
By Akash May 27, 2025 02:56 PM GMT
Akash

Akash

Report

මාධ්‍යවේදීන්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව අද (27) ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ,මාධ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය හැදුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණක් බව විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර එම තත්ත්වය මත එතෙක් එම මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුටම මේ වන විට එම අවස්ථාව අහිමි වී තිබෙනවා.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

කෙසේවෙතත් ඔවුන්ට ආයතනික මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පත් තිබියදී රජය ඉහත තීරණය ගැනීම තුළ ඇත්තේ මාධ්‍ය මර්දනයක් බව විරෝධතාවට එක්වූවන් අවධාරණය කළා. ඒ අනුව රජයේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රෝඩාවක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

ReeCha