උතුරේ දෙමළ රාජපක්ෂවරුන් දැන් වැඩි..... ආණ්ඩුව කනස්සල්ලෙන්

Report

උතුරු පළාතේ මේ වනවිට දෙමළ රාජපක්ෂවරුන් නිර්මාණය වෙමින් පවතින බව ආණ්ඩුවෙන් කණස්සල පල වී තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් අතර දෙමළ රාජපක්ෂවරුන් දුටු බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

උසස් පෙළ සමතුන්ට විශේෂ නිවේදනයක් !

උසස් පෙළ සමතුන්ට විශේෂ නිවේදනයක් !

දෙමළ රාජපක්ෂලා බිහි වේ යැයි තමන් කිසි විටෙකත් නොසිතූ බව ඔහු සඳහන් කළ අතර එය කනස්සල්ලට කරුණකි. මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “.. අපට උතුරු පළාතේ ජනතාවගේ සහයෝගය ලැබෙනවා. මෙය ආරම්භයේ පළමු සාර්ථකත්වයයි.

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්...

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්...

උතුරේ ශක්තිමත් දේශපාලනයකට අපි අඩිතාලම දමා තිබෙනවා. අපි උතුරු නැගෙනහිර පළාත්වල කටයුතු කරමින්, සංහිඳියාව සහ සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන්නෙමු. අමාත්‍යාංශයේ අමාත්‍යාංශ ඉක්මනින්ම ස්වේච්ඡා පදනමින් ප්‍රතිසංවිධානය කෙරේ…

” තවද කැබිනට් මණ්ඩලයට නව පක්ෂ ඇතුළත් වනු ඇත. ජනතාව අපේක්ෂා කළ රජයේ පරිපාලන ව්‍යුහය ඵලදායී කරන බව ඔහු ප්‍රකාශ කළේය.