මෙන්න සුභ ආරංචියක්...විසි දාහක් වෙනුවට පනස්දාහක් දෙනවලු
By Kaushi
රජය මඟින් විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ආබාධ සහිත පුද්ගලයන් වෙත ලබාදෙන ආධාර මුදල රුපියල් පනස්දහස දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.
මේ වන තෙක් එක් පුද්ගලයෙක්ට ආධාර ලෙස ලබා දී ඇත්තේ රුපියල් විසිදහසක මුදලක් වේ.
ඒ අනුව ඉකුත් දා ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති බව සඳහන්.
එහිදී මෙම තීරණය ගෙන ඇති බව පවසයි.
තවද මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට සංඥා භාෂාව අතිරේක විෂයක් වශයෙන් ස්ථාපනය කිරීමට යෝග්‍ය පියවර ගැනීම මෙන්ම ආබාධ සහිත භාවය පිළිබඳ සකස් කරන ලද වර්ගීකරණය සඳහා සභාවේ අනුමැතිය ලබාදීමට ද තීරණය කර තිබෙනවා.
එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ට වෙබ් අඩවි පරිශිලනය සඳහා ඒවා ප්‍රවේශ පහුසකම් ඇතිව නිර්මාණය කිරීමට ද තීරණය වූ බව වාර්තා වේ.