සුරූපී රූපලාවන්‍ය ශිල්පිනිය ගැන සිත් පහලවී මරණ තර්ජන කර වැඩ වරද්දාගත් ශිල්පියා

negambo remand makeup designer T.N.L.mahavaththa kurana
By Sewvandhi Jul 15, 2021 09:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුරූපී රූපලාවන්‍ය ශිල්පිනියක් ගැන සිත් පහල වී ඇයට සහ සැමියාට මුහුණු පොතින් සහ දුරකථනයෙන් මරණීය තර්ජනය කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඔහු මෝටර් රථ නවීන කිරීමේ කාර්මික ශිල්පියෙක්.

  ජුලි මස 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කර තිබෙන අතර මිට පෙරද ඇය පැහැරගැනීමට තැත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ අධිකරණය හමුවට පැමිණ වූ මෝටර් රථ නවීන කිරීමේ ශිල්පීයා මීගමුව කුරණ පදිංචිකරුවෙක් එමෙන්ම වයස අවුරුදු 35ක් වන විවාහකයෙක්ද වනවා මොහු මීට පෙර අවස්ථාවකදී ද එම සුරූපිනියගේ අත් පළඳනාවක් පැහැරගැනීමට තැත්කර රිමාන්ඞ් භාරයේ පසු වී දැඩි ඇප කොන්දේසි මත ඇප නියම වූ අයෙක් බවද වාර්තා වී තිබෙනවා .

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නිතීඥ නෙල්සන් කුමාරණායක මහතා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.

එහිදී නිතීඥවරයා සැකකරු විසින් මුහුණ පොත හරහා එල්ල කළ මරණීය තර්ජනවල ලිඛිත පිටපත් සහ දුරකථන මගින් එල්ල කළ මරණීය තර්ජනවල හඬපට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් සැකකරු නඩුවේ පැමිණිලිකාරියට සහ ඇගේ සැමියාට නිතර නිතර මරණීය තර්ජන එල්ල කරන බවත් වින්දිතයන් ආරක්‍ෂාකිරීමේ පනත යටතේ සැකකරු රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර , ඒ බව පොලිසියෙන් සනාථ කර තිබෙනවා අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීම අනුව සැකකරු රිමාන්ඞ් භාරයට පත් කෙරුණු අතර වැඩිදුර විභාගය ජුලි මස 27 වන දින පැවැත්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha