තුන්වන මාත්‍රාවට අවසර ..තෝරා ගත් එන්නත මෙන්න..

By Sewvandhi Sep 23, 2021 03:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇමෙරිකාවේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට හට ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබාදීමට එරට ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස 6කට පසුව එම තුන්වන මාත්‍රාව වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් හට ලබාගැනීමට හැකිවනු ඇති.

මේ අතර, පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට (24) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුවෙන් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවය. අනතුරුව කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

"අපි අනුරාධපුර දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයත් මුල්කරගෙන එන්නත්කරණය ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා, විශේෂයෙන් සංකූලතා තියෙන අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට. ඒ වගේම රිජ්වේ ආර්යා ළමා රෝහල අපේ සංඛේතයක්. ඒ නිසා රට දැනුවත් කිරීම සංඛේතවත් කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේන් සිකුරාදා ඒ වැඩපිළිවෙල ආරම්භ කරනවා."

"පවතින තත්ත්වය තුළ අපේ ආරථිකයත් යම්කිසි කළමනාකරණයක් යටතේ යා යුතුයි. සම්පූර්ණයෙන් වහනවා කියන එක ප්‍රතික්ෂේප වෙනවා මේ රටේ. ඒක කරන්න බෑ." යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now