රටම කැළඹූ තිළිණි ප්‍රියමාලිගෙ වීඩියෝ ලීක් වෙයි..එම වීඩියෝ මෙතනින් බලන්න.(VIDEO)

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Oct 13, 2022 12:57 AM GMT
Aruna

Aruna

Report

කෝටිපතියන් රවටමින් මුදල් වංචා කෙරූ තිළිණි ප්‍රියමාලි පසුගිය කාලයේ පොලිසියට පැමිණ පැමිණිකරුවන්ට බලපෑම් කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා.

මේ ඒ පිළිබඳව සීඅයිඒ කළ අනාවරණයක්..

මේ අතර කෝටිපතියන් රවටමින් මුදල් වංචා කළ තිළිණී ප්‍රියමාලි පුද්ගලයෙක් සමඟ කළ රහසිගත කතාබහක හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

එම හඬපටය පහතින් බලන්න...

මේ අතර තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ඊයේ කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ආරක්ෂක රැකවල් මැද රැගෙන ආවා.

බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන අවස්ථාවේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා නො තිබීම විශේෂත්වයක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වෙනි මහලේ පිහිටා ඇති ඇයගේ කාර්යාලය වෙත රැගෙන ගියා.

ඒ මෙම විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂණ සහ කාර්යාල පරිශ්‍රයේ ඇති ලිපි ලේඛන පරික්ෂා පරීක්ෂාකර විමර්ශනයට අදාළ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීම් සඳහායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now