පාසල් ශිෂ්‍යාවක් වරින්වර දූෂණය කර කොළඹ පැන්න තරුණයා.
Police spokesman
Sri Lanka
By Wayomi
අවුරුදු 14 මාස 11 වයසැති පාසල් ශිෂ්‍යාවක් වරින්වර දූෂණය කළ බව කියන 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වෙනවා.
පාසල් ශිෂ්‍යාවක් වන මෙම දැරිය ඇයගේ පාසල් මිතුරියකගේ සහෝදරයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
පසුව 2022 ඔක්තෝබර් 22 වෙනි දින ඇය මිතුරියගේ නිවසට ගිය අවස්ථාවේදී පෙම්වතා විසින් මිතුරිය දියනෑමට ගිය අවස්ථාවේදී ඇය දුෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව 2023 වසරේ අවස්ථා කිහිපයකදීද ඇයව දූෂණයකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු මේ වනවිට කොළඹ ප්‍රදේශයේ රැකියාවකට ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යන බවයි බිබිල පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම අදාල දැරිය බිබිල සෙවණ ළමා නිවාසයට යොමුකර තිබෙනවා.